කළුතර ලැඟුම්හලක් පිටුපස නිරුවත් කාන්තා මළ සිරුරක්

කළුතර ලැඟුම්හලක් පිටුපස නිරුවත් කාන්තා මළ සිරුරක්

by Staff writer 07-05-2023 | 10:32 AM

COLOMBO (News 1st) - දකුණු කළුතර ප්‍රදේශයේ, ගාලු පාරේ ලැඟුම්හලක් පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී, 16 හැවිරිදි  තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ තරුණිය තවත් කාන්තාවක් සහ පුරුෂයින් දෙදෙනෙකු සමග ඊයේ (06)  පස්වරුවේ අදාළ ලැඟුම්හලට පැමිණ කාමර දෙකක නවාතැන් ගෙන ඇති බවයි.

ඉන් එක් යුවලක් සහ තරුණිය සමග සිටි පුද්ගලයා පසුව පිටව ගොස් ඇතැයි, විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තරුණියගේ නිරුවත් මළ සිරුර දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයාගෙන ඇත්තේ ඉන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අනෙක් යුවල අත්අඩංගුවට ගෙන තිබේ.

තරුණිය සමග සිට පළා ගිය තරුණයා සොයා විමර්ශන ක්‍රියාත්මකයි.