අමෙරිකාවේ වෙඩි තැබීමකින් 8ක් මරුට

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 08ක් මරුට..

by Staff writer 07-05-2023 | 10:35 AM

COLOMBO (News 1st) - අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වෙළෙඳ සංකීර්ණයක අද (07) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ.

එරට බලධාරීන් සඳහන් කළේ, අවම වශයෙන් තවත් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

වෙඩි තැබීම සිදුකල පුද්ගලයා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

මේ වසරේ ගතවූ කාලය තුළදී අමෙරිකාවෙන් වාර්තා වී ඇති වෙඩි තැබීම් සංඛ්‍යාව 200 කට ආසන්න වේ.