.webp)
ඉන්ෆ්ලුවෙන්සා, ඩෙංගු, පාචනය හා මී උණ ඒ අතර ප්‍රධානයි.
ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය පාලනය සඳහා නිවසේදී පවා මුව ආවරණයක් පැළඳීම ඉතාම වැදගත් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ය.
පාචන රෝගයන් අරක්ෂාවීම සඳහා ආහාරපාන ගැනීමේදී සැලකිලිමත් වන්නැයි ඔහු ජනතාවට දැනුම් දෙයි.
මේ අතර මී උණ රෝගීන් වාර්තා වීම ද ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂාණී දාබරේ මහත්මිය සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ මී උණ රෝගීන් 2600 ක් පමණ වාර්තා වී ඇති බවයි.
මී උණ දැයි සැකයක් ඇති වුවහොත් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත දැනුම් දෙන්නැයි ඇය ගොවීන්ට දැනුම් දෙයි.
මේ අතර ඊයේ දිනයේදී මෙරටින් හඳුනා ගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13 ක් ය.
ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 672 ,207 ක් දක්වා ඉහළ ගියේ ය.
මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 16,844 කි.