.webp)
COLOMBO (News 1st) – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සහ පොලිසියේ සහය ලබා ගැනීමට තීරණය කර තිබේ.
ඒ, වැටලීම් අවස්ථාවලදී අධිකාරියේ නිලධාරීන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ, විෂයභාර අමාත්‍යවරයාගේ උපදෙස් මත පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අදාළ වැටලීම් සඳහා සම්බන්ධ කරගන්නා බවයි.
පසුගිය දින කිහිපය තුළ ගම්පහ, කළුතර, අම්පාර සහ නාරම්මල ප්‍රදේශවල වැටලීම් සිදුකරන අවස්ථාවලදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහරදිම් සිදු විය.