ණය ප්‍රතිව්‍යූහගතකරනයට ජපානයේත් සහය

ඉන්දියාව සහ ප්‍රංශය මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට දෙන දායක්වයට ජපානය සහය පළ කරයි..

by Staff writer 06-05-2023 | 8:24 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියන් වන , ඉන්දියාව සහ ප්‍රංශය මෙරට ණය ප්‍රතිව්‍යූහගත කරණ ක්‍රියාවලිය සඳහා ලබාදෙන දායක්වයට ජපානයද සිය සහය පළ කරන බව ජපාන මුදල් අමාත්‍ය සූනිචි සුසුකි මහතා පවසයි.

ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩල රැස්වීමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අනාගත ණය අර්බුද වළක්වා ගැනීම සඳහා, ණය දත්ත විනිවිදභාවය සහ නිරවද්‍යතාවය වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය බවයි.

COVID-19 වසංගතය සහ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම මධ්‍යයේ ණය අවදානම් සම්බන්ධයෙන් අඩු සහ මධ්‍යම ආදායම් ලබන ජාතීන් මුහුණ දෙන ඉහළ අවදානම් ජපාන මුදල් අමාත්‍ය වරයා මෙහිදී සිය අවධානයට යොමු කර තිබේ.