අරුණ දර්ශනගෙන් විශිෂ්ට දස්කම්

අරුණ දර්ශන මීටර 400 ධාවන ඉසව්වේ තම පුද්ගලික හොඳම කාලය වාර්තා කරයි..

by Staff writer 06-05-2023 | 2:02 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ තම පුද්ගලික හොඳම කාලය වාර්තා කර තිබේ.

මිචිතාකා අනුස්මරණ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිය ජපානයේදී පැවැත්වේ.

එහි මීටර 400 පිරිමි ධාවන ඉසව්වට එක් වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන තරගය අවසන් කළේ, තත්පර 45යි දශම 4යි 9ක් ලෙසිනි.

එය මෙම ඉසව්වට ඔහු ප්‍රදර්ශනය කළ හොඳම කාලයයි.

සුගත් තිලකරත්න, රොහාන් ප්‍රදීප් කුමාර සහ ප්‍රසන්න අමරසේකරගෙන් අනතුරුව මීටර 400 පිරිමි ධාවන ඉසව්වට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාව මෙය වේ.