ගෝලීය කොරෝනා හදිසි තත්ත්වය ඉවතට

ගෝලීය කොරෝනා හදිසි තත්ත්වය ඉවතට

by Staff writer 05-05-2023 | 9:47 PM

COLOMBO (News 1st) - කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පනවා තිබූ ගෝලීය හදිසි තත්ත්වය ඉවත් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනෝම් උපුටා දක්වමින් බී. බී. සී පුවත් සේවය වාර්තා කළේ, කොරෝනා වසංගතය තවදුරටත් ජාත්‍යන්තර අවදානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් නොවන බැවින් එම තීරණය එළැඹ ඇති බවයි.

අවම වශයෙන් මිලියන 7 ක ජනතාවක් කොරෝනා වංගතයෙන් මිය ගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ ය.

2020 වසරේ ජනවාරි 30 වැනි දා ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වංසගතය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළේ ය.

එය ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත් කළේ 2020 වසරේ මාර්තු 11 වැනි දායි.