පිටකොටුවෙන් හොර රූපලාවන්‍ය ආලේපන තොගයක්

රු. මිලියන 30ක් වටිනා හොර රූපලාවන්‍ය ආලේපන තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට

by Staff writer 04-05-2023 | 7:47 AM

COLOMBO (News 1st) - ආනයනකරුවකු හෝ නිෂ්පාදකයෙකුගේ නම සඳහන් නොවන රූපලාවන්‍ය ආලේපන ඇතුළු නිෂ්පාදන විශාල ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන තිබේ.

ඒ, පිටකොටුව කදිරේෂන් විදියේ ගබඩාවක තිබියදීයි. 

එහි වටිනාකම රුපියල් මිලියන 30 ක් පමණ වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය.

එම අධිකාරිය පැවසුවේ, දේශීයව නිෂ්පාදනය කළ එම රූපලාවන්‍ය ආලේපන විදේශීය නිෂ්පාදන ලෙස පවසමින් පාරිභෝගිකයින් නොමග යවමින් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සූදානම් කර ඇති බවයි.

රසායනාගාර වාර්තා සඳහා මෙම ආලේපනවල සාම්පල යොමු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පැවසීය.