යුක්‍රේනයට එරෙහිව රුසියාවෙන් ත්‍රස්ත විමර්ශනයක් ?

යුක්‍රේනයට එරෙහිව රුසියාව ත්‍රස්ත විමර්ශනයක් ඇරඹීමට සැරසේ

by Staff writer 04-05-2023 | 8:22 AM

News 1st - යුක්‍රේනයට එරෙහිව ත්‍රස්ත විමර්ශනයක් ඇරඹීමට රුසියාව තීරණය කර තිබේ.

ඒ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ නිවස ඉලක්ක කර එවූ ඩ්‍රෝන යානා 2 ක් බිම හෙළිමෙන් අනතුරුවයි.

මෙය යුක්‍රේනයේ ත්‍රස්තවාදී ඝාතන උත්සහයක් බවට රුසියාව චෝදනා කළේ ය.

රුසියානු විමර්ෂණ කමිටුව සඳහන් කළේ, මෙම සිදුවීම‍ ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධ අපරාධ නඩුවක් ලෙස සලකා කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, රුසියානු ජනාධිපති ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට තැත් කළ බවට එල්ල වන චෝදනා යුක්‍රේනය ප්‍රතික්ෂේප කළේ ය.

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සඳහන් කළේ, යුක්‍රේනය, රුසියාවට හෝ එරට ජනපති ඉලක්ක කර ප්‍රහාර එල්ල නොකරන බවත් සිය භූමියේ ආරක්ෂාව වෙනුවෙන් පමණක් සටන් වදින බවයි.