පොහොර මිලදී ගැනීමට ගොවීන්ට වවුචරයක්..

පොහොර මිලදී ගැනීමට ගොවීන්ට වවුචරයක් නිකුත් කිරීමට ජනපතිගේ අනුමැතිය..

by Staff writer 04-05-2023 | 4:17 PM

COLOMBO (News 1st) –  මෙවර යල කන්නයේ දී පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට වවුචරයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමිවී තිබේ. 

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, අදාළ යෝජනාවට මුදල් කමිටුවේ ද අනුමැතිය හිමිවූ බවයි.

පොහොර ආනයනය කරන සියලු ආයතනවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද(04) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ මුදල් යොදාගනිමින් යල කන්නයේදී කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් ගොවීන්ට පොහොර මිලදී ගත හැකි බවයි.

පොහොරවල ප්‍රමිතිය අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බව ද, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ලබන මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත් වන බවයි.

එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට පවරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.