අධිකරණයේදී ගෙළ කපා ගැනීමෙන් සැකකරුවෙකුට තුවාල..

ත්‍රිකුණාමලය අධිකරණයේදී ගෙළ කපා ගැනීමෙන් සැකකරුවෙකුට තුවාල..

by Staff writer 04-05-2023 | 5:57 PM

COLOMBO (News 1st) – ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගිය සැකකරුවෙකු අද(04) තියුණු ආයුධකයින් ගෙළ කපා ගැනීමෙන් තුවාල ලබා තිබේ. 

පොලීසිය පැවසුවේ, අද පෙරවරුවේ චීන වරාය පොලීසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇති බවයි.

එම අවස්ථාවේ අධිකරණ සංකීර්ණය තුළදී ගෙළ කපාගෙන තුවාල ලබා ඇත්තේ, වරෙන්තුකරුවෙකි.

ඔහු මේ වනවිට ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බව, පොලීසිය සඳහන් කළේ ය.