.webp)
ඒ, ගම්මැද්ද තවත් ව්‍යාපෘතියක් ලෙසිනි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ මුඛ, හනුක හා වක්ත්‍ර ශල්‍ය වෛද්‍ය අංශය යනු මහනුවර හා තදාසන්න ප්‍රදේශයේ මහජනතාව විශාල පිරිසක් සේවය ලබා ගන්නා ස්ථානයකි.
නමුත් වසර ගණනාවක් පුරාවට එම අංශයේ වහල, ඇඳන් සහ වෛද්‍යවරුන්ගේ විවේකාගාර අබලන්ව, වාට්ටුව දුර්වර්ණ වී තිබුණි.
එය පිළිසකර කර අලුත්වැඩියා කර නව වෛද්‍ය උපකරණ කිහිපයක් ද ලබාදීම සඳහා ගම්මැද්දට ලැබුණු ඉල්ලීම මල්ඵල ගන්වමින් එම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ පසුගිය වසරේ දෙසැම්බර් 10 වැනි දායි.
මෙම රෝහල පේරාදෙණිය වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන සඳහා ද දක්වන්නේ ඉමහත් දායකත්වයකි.
කෙසේ වෙතත් මෙලෙස අභියෝග රැසක් මධ්‍යයේ මහජනතාවට සේවය සපයන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මුඛ, හනුක හා වක්ත්‍ර සෞඛ්‍ය අංශයේ වාට්ටු සංකීර්ණය ප්‍රතිසංස්කරණය කර නව උපකරණ සවිකරමින් නව මුහුණුවරක් ලබා දෙන්නට ගම්මැද්දට අද හැකියාව ලැබුණි.
මෙම ව්‍යාපාතිය සඳහා ගම්මැද්ද සමග අත්වැල් බැඳගත්තේ, නෙක්ස්ට් මැනුෆැක්චරින් පෞද්ගලික ආයතනයයි.