හදා ගන්න බැරි දරුවන් භාරදීමට පළාත් මට්ටමින් කවුළු

හදා වඩා ගැනීමට නොහැකි දරුවන් භාරදීමට පළාත් මට්ටමින් කවුළු

by Staff writer 03-05-2023 | 6:53 AM

COLOMBO (news 1st) - හදා වඩා ගැනීමට නොහැකි මාස 3 ට අඩු දරුවන් භාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටුවීමට තීරණය කර තිබේ.

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ, ඊට අදාළ නීති කඩනිමින් සම්පාදනය කරන බවයි.

දරුවන් විවිධ හිරිහැරයන්ට ලක්වීම, ඝාතනය වීම් හා මහගම දමා යාමේ සිද්ධි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම කඩිනම් තීරණයට එළඹි බව දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

2017 වසරේ සිට මේ දක්වා ළමයින් 80 ක් ඝාතනයට ලක්ව ඇති අතර තවත් 60 ක් මහ මග අතහැර යාමේ සිද්ධි වාර්තා වනු ඇත.

දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, දැනට පවතින නීතිය අනුව දරුවන් අතහැර යන මව්පියන්ට එරෙහිව නීති ක්‍රියාමාර්ගගත හැකි බවයි.

නව සංශෝධන අනුව දරුවන් භාර ගැනීමේ කවුළු වෙත සිය දරුවන් භාර දෙන මව්පියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බව ද පාරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ සඳහා වන දණ්ඩ නීති සංග්‍රයට ගෙන එන සංශෝධන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධිකරණය අමාත්‍යාංශය හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.