ජනපති පුටින් ඝාතනය සඳහා එවූ බවට සැකකරන ඩ්‍රෝන ානා දෙකක් බිම හෙලයි- රුසියාව

by Staff writer 03-05-2023 | 6:53 PM

COLOMBO (News 1st) - ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් ඝාතනය කිරීමට තැත්කරමින්, ක්‍රෙම්ලීනය ඉලක්ක කර යුක්‍රේනය විසින් එවනු ලැබූ බවට සැකකරන ඩ්‍රෝන යානා දෙකක් බිඳ හෙලූ බව රුසියාව පවසයි.

රුසියාව නිවේදනය කළේ, ඊයේ (02) රාත්‍රියේ මෙම ඩ්‍රෝන යානා දෙක බිම හෙලූ බවයි 

අදාළ ඩ්‍රෝන යානා අවස්ථාවේ බව කියන දර්ශන කිහිපයක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරමින් ඇත.

කෙසේවෙතත් යුක්‍රේනය  කියා සිටියේ, ඩ්‍රෝන් ප්‍රහාරයට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවයි.