ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

by Staff writer 03-05-2023 | 6:42 AM

COLOMBO (News 1st) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) රැස්වෙයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, දැනට පත් කර නොමැති කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීම මේ සතියේ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ වනවිට රාජ්‍ය සේවා කොමිසම, ප්‍රසම්පාදන කොමිසම සහ විගණන සේවා කොමිසම පුර්ණ වශයෙන් පත් කර ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහන් කළේ ය.

එම සභාව සඳහන් කළේ, ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිසම, මුදල් කොමිසම, අධිකරණ සේවා කොමිසම සහ සීමා නිර්ණ කොමිෂන් සභා සඳහා තවදුරටත් සාමාජිකයින් පත් කිරීමට නියමිතව ඇති බවයි.

ඒ අතරින් කොමිෂන් සභා කිහිපයක් සඳහා සාමාජිකයින් යෝජනා වී ඇතත් එම කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බව කතානායකවරයා පැවසීය.

කෙසේ වෙතත් කතානායකවරයා පැවසුවේ, මැතිවරණ කොමිසම පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.