.webp)
එහි පිරිමි මීටර 400 ධාවන ඉසව්වේ මූලික වටයේ තරග 3ක් අද පැවත්වුණි.
මූලික වටයේ තරගයේදී දක්වන දක්ෂතාවය අනුව තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ස්ථාන තීරණය වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී වූ අරුණ දර්ශන මූලික වටයේ තුන්වැනි තරගයේදී දෙවැනි ස්ථානය දිනා ගත්තේ ය.
ඒ, තත්ත්පර 45 යි දශම 5 යි 9 ක දක්ෂතාවයක් දක්වමිනි.
එය මෙම ඉසව්වට ඔහු ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවයයි.
ඒ අනුව මෙම තරගාවලියේ මීටර 400 ධාවන ඉසව්වේ තුන්වැනි ස්ථානය අරුණ දර්ශනට හිමි වුණි.
මේ අතර ගයන්තිකා අබේරත්න 38 වැනි ශිසුඕකා අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමි කර ගෙන තිබේ.
38වැනි ශිසුඕකා අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලිය අද (03) පැවැත්වෙන්නේ ජපානයේදී ශිසුඕකාහිදීයි.
එහි කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරග 3ක් අද පැවති අතර ඉන් ඉහළම දක්ෂතාවය දක්වන ක්‍රීඩිකාවට තරගාවලියේ ප්‍රථම ස්ථානය හිමිවිය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූ ගයන්තිකා අබේරත්න එහි ප්‍රථම ස්ථානය හිමි කර ගත්තේ, මිනිත්තු 2 යි තත්ත්පර 4 යි දශම 3 යි 5 ක දක්ෂතාවයක් දක්වමිනි.