විදෙස්ගත වූ විශේෂඥ වෛද්‍යවරු 67ක් යළි පැමිණ නැහැ

මේ වසර තුළ විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරු 67ක් යළි මෙරටට පැමිණ නැහැ - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 02-05-2023 | 8:18 AM

COLOMBO (News 1st) - මේ වසර තුළ පුහුණුවට විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරු 67 දෙනෙකු යළි මෙරටට පැමිණ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව ඔවුන් විදෙස්ගතව ඇති බවය.

මේ අතර පුහුණුව සඳහා විදෙස්ගත වූ වෛද්‍යවරුන් 400 කට ආසන්න සංඛ්‍යාවක් මෙතෙක් දිවයිනට පැමිණි නැතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.