ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම

ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්

by Staff writer 02-05-2023 | 5:03 PM

COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරිමට ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ පස්සර යන ප්‍රදේශවලටත්,
කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රදේශයටත් මෙලෙස නායයෑම් පිළිබද පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරතිබේ.

තවද මාතර දිස්ත්‍රික්කයේ කටපොළ  සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටද නායයෑම් පිළිබද පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරඇත.