රුසියානු සොල්දාදුවන් ගැන අමෙරිකාවෙන් අනාවරණයක්

පසුගිය මාස 5 තුළ යුක්‍රේන යුද්ධයෙන් රුසියානු සොල්දාදුවන් 20,000 ක් මරුට

by Staff writer 02-05-2023 | 8:31 AM

News 1st - පසුගිය මාස 5 තුළ යුක්‍රේන යුද්ධයෙන් රුසියානු සොල්දාදුවන් 20,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි අමෙරිකාව පවසයි.

ධවල මන්දිරය නිවේදනය කළේ, යුක්‍රේනයේ බක්මූත් නගරය ආශ්‍රිත යුධ ගැටුම්වලින් එම පිරිස මියගොස් ඇති බවයි.

එම කාලසීමාව තුළ රුසියානු හමුදා භටයින් ලක්ෂයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කළේ ය.

මිය ගිය අය අතරින් බහුතරයක් වැග්නර් පෞද්ගලික කුලී හමුදා භටයින් බව සඳහන් වේ.

කෙසේ නමුත්, යුද්ධයෙන් යුක්‍රේන හමුදා සහ වැසියන්ගේ ජීවිත හානි පිළිබඳ ඇස්තමේන්තු ලබා නොදෙන බව ද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි සඳහන් කළේ ය.

කෙසේ නමුත් අමෙරිකාව සඳහන් කර ඇති දත්ත පිළිබඳව රුසියාව මෙතෙක් ප්‍රකාශයක් කර නොමැත.