.webp)
පොලීසිය පැවසුවේ, එහි මාර්ග සංවර්ධන වැඩබිමක සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් හා ගම්වාසීන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බවයි.
එහිදී වෙඩි තැබීමක් ද සිදුව ඇත.
කොළඹ වරායේ 6 වන ගේට්ටුව ආසන්නයේදී වරායේ අදාළ මාර්ග සංවර්ධන වැඩබිමේ යකඩ සොරකම් කිරීමට පැමිණි දෙදෙනෙකු ප්රශ්න කිරීමට යාමේදී ගම්වාසීන් පිරිසක් එහි පැමිණීමත් සමගඋණුසුම් තත්ත්වයක් ඇති වී ඇත.
තුවාල ලබා ඇත්තේ, බ්ලූමැන්ඩල් වත්ත ප්රදේශයේ පදිංචි පිරිසකි.
තුවාල ලැබූවන් අතරට කාන්තාවන් 04 දෙනෙකු ද ඇතුළත් ය.
පොලීසිය පැවසුවේ, එක් කාන්තාවක් ප්රතිකාර ලබා මේ වනවිට පිටව ගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.