ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා දිවයිනට..

සිව් දින නිල සංචාරයක් සඳහා ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා දිවයිනට..

by Staff writer 01-05-2023 | 10:14 PM

COLOMBO (News1st) - ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් විවේක් රාම් චෞද්‍රි මහතා සිව් දින නිල සංචාරයක් සඳහා අද(01) දිවයිනට පැමිණියේ ය.

අප වාර්තාකරු සඳහන් කළේ, ඔහු සමග ඉන්දීය ගුවන් හමුදාවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව් දෙනෙකු මෙරටට පැමිණි බවය.

අද දහවල් ඉන්දියාවේ චෙන්නායි සිට, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත පැමිණි පිරිස පිළිගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් විසිනි.

කලාපීය ගුවන් හමුදා අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම, ඒකාබද්ධ පුහුණුවීම්, තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ සමුද්‍රීය ආවේක්ෂණ මෙහෙයුම් පුළුල් කර ගැනීම, මෙම ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියාගේ සංචාරයේ අරමුණු බව සඳහන් වේ.