.webp)
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේ කාණ්ඩ පහක් යටතේ එම සහනය ක්‍රියාත්මක බවය.
ඒ අනුව ඩොලර් 2400 ත් 4799 ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට හිමිවන තීරු බදු සහනය, ඩොලර් 600 කි.
ඩොලර් 4800 ත් ඩොලර් 7199 ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960 ක අතිරේක තීරු බදු සහනයක් හිමිවේ.
ඩොලර් 7200 ත් ඩොලර් 11,999 ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 1440 ක අතිරේක තීරු බදු සහනයක්ද
ඩොලර් 12,000 ත් ඩොලර් 23,999 ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 2400 ක අතිරේක තීරු බදු සහනයක්ද හිමි වනු ඇත.
ඩොලර් 24,000 ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4800 ක අතිරේක තීරු බදු සහනයක් ලබා ගැනීමට හැකියාව පවතින බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේ ය.