මැයි රැළි, කොළඹ සහ මහනුවර නගර කෙන්ද්‍ර කර ගනිමින්

ප්‍රධාන දේශපාලන පක්ෂවල මැයි රැළි කොළඹ සහ මහනුවර නගර කේන්ද්‍ර කර ගනිමින්..

by Staff writer 01-05-2023 | 6:44 AM

COLOMBO (News 1st) – ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධානය කරන මැයි රැළි, කොළඹ සහ මහනුවර නගර කෙන්ද්‍ර කර ගනිමින් අද (01) පැවැත්වෙයි. 

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය අද පස්වරුවේ බොරැල්ල , කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිත බව පක්ෂ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සදහන් කළේ ය. 

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවැසුවේ, සිය පක්ෂයේ මැයි දින රැළිය කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී අද පෙරවරුවේ පැවැත්වෙන බවයි.
 
සමගි ජන බලවේගයේ මැයි දින රැළිය, කොළඹ ඒ.ඊ ගුණසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

නිදහස ජනතා සභාව සංවිධානය කරන මැයි දින රැළිය අද මහනුවරදී පැවැත්වෙන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ ය.

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය පැවැත්වෙන්නේ, කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසළදී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය මහනුවරදී පැවැත්වෙයි. 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැළිය, නුගේගොඩදී පැවැත්වෙන බව පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සදහන් කළේ ය.