අද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්..

කොළඹ සහ මහනුවර කේන්ද්‍ර කරගනිමින් අද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්..

by Staff writer 01-05-2023 | 8:04 AM

COLOMBO (News 1st) – ලෝක කම්කරු දින සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹ සහ මහනුවර කේන්ද්‍ර කරගනිමින් අද(01) විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, කොළඹට පොලිස් නිලධාරීන් 3500ක් අනියුක්ත කර ඇති බවයි.

කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.