වැලි කැණීම් බලපත්‍ර ගැන දැනුම් දීමක්..

වැලි කැණීම් බලපත්‍ර ගැන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් දැනුම් දීමක්..

by Staff writer 30-04-2023 | 12:22 PM

COLOMBO (News 1st) -  මින් ඉදිරියට වැලි කැණීම් බලපත්‍ර ලබා දෙන්නේ අදාළ කැණීම් සිදුකෙරෙන ප්‍රදේශයේ ජනතාවට පමණක් බව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්, ජානක අජිත් ප්‍රේම් මහතා සඳහන් කළේ, කැණීම් කටයුතු සීමිත පිරිසක් අතර ක්‍රියාත්මක වන මාෆියාවක් බවට පත්ව ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම ප්‍රදේශවල දුගී ජනතාවගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත් එසේම අනෙකුත් පාර්ශ්වයන්ගෙන් සිදුවන පරිසර හානිය ද වළකාලීමේ අරමුණින් ද මෙම පියවර ගන්නා බවයි.

එසේම මේ සඳහා අදාළ ප්‍රදේශවල ජනතාව සහභාගී කරවාගෙන ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බවත්,මෙම වැලි කැණීම්වලදී වැලි කියුබ් 01කින් රාජ්‍ය භාගය ලෙස රුපියල් 600ක් පමණක් අය කරන බවත් ඔහු පැවසීය.