.webp)
-529866.jpg)
COLOMBO (News 1st) – චෙන්නායි ගුවන්තොටුපොළේ මගියෙකුගේ ගමන් මළු තුළ තිබී විවිධ වර්ගයේ සර්පයින් 20 දෙදෙනෙකු හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැලේසියාවේ සිට චෙන්නායි වෙත පැමිණි කාන්තා මගියෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී මෙම සර්පයින් හමුව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
ගමන් මළු තුළ විනිවිද පෙනෙන ප්ලාස්ටික් බහාලුම් කිහිපයක එම සර්පයන් ගබඩා කර තිබුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එරට රේගු සහ වන ජීවී ආරක්ෂණ පනත් යටතේ රේගු නිලධාරීන් විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බව යි.
