AI භාවිතය ගැන G7 කණ්ඩායම සාකච්ඡාවක

කෘත්‍රිම බුද්ධිය නිසි ලෙස භාවිතය ගැන G7 කණ්ඩායම සාකච්ඡාවක

by Chathurika Jayasundara 30-04-2023 | 4:45 PM

COLOMBO (News 1st) – කෘතිම බුද්ධිය(Artificial Intelligence) නිසි ලෙස භාවිත කිරීම සහතික කිරීම සඳහා G7 කණ්ඩායම සැලැස්මක් ඉදිරිපත් කර තිබේ. 

ඒ, ජී 7 කණ්ඩායමේ ඩිජිටල් සහ තාක්ෂණික අමාත්‍යවරුන් විසින් ය. 

ජපානයේ පැවති මෙම හමුවේදී කෘතිම බුද්ධිය සහ අනෙකුත් දියුණු වෙමින් පවතින තාක්ෂණයන් වැනි නව තාක්ෂණයන් නිසි ලෙස භාවිතා කිරීම සඳහා වන මූලධර්ම පහක් පිළිබඳව කරුණු දක්වා තිබුණි. 

ඒ අනුව නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම්වලට ගරු කිරීම, නියමිත ක්‍රියාවලිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නවෝත්පාදන සඳහා අවස්ථා භාවිතා කිරීම ආදී මූලධර්ම 05ක් ගැන කරුණු දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 

මෙහිදී කෘතීම බුද්ධි පද්ධති සංවර්ධනය සහ නියාමනය කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබේ. 

පුද්ගලිකත්වය, ප්‍රකාශන හිමිකම් උල්ලංඝණය කිරීම් සහ තොරතුරු කාන්දු වීමේ අවදානම් පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.