.webp)
COLOMBO (News 1st) – එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට පරිසර පද්ධතියට සිදුවූ හානියට අදාළ වන්දි මුදල ඇතුළත් සවිස්තර වාර්තාව, මෙතෙක් අවසන් කර නොමැති බව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
එහි සභාපති, අසේල බී. රැකව මහතා සඳහන් කළේ, අදාළ වාර්තාව සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා නීතිපතිවරයා සමග සාකච්ඡාවක් ඉල්ලා ඇති බවයි.
එම සාකච්ඡාව මත පදනම්ව ඉදිරියේ දී වාර්තාව සකස් කරන බව ඔහු සඳහන් කළේ ය.
නීතිපති දෙපාර්තමේන්තුව වාර්තාව කැඳවා ඇති ආකාරය සම්බන්ධයෙන් පවතින අපැහැදිලි තත්ත්වයක් හේතුවෙන් එම සාකච්ඡාව ඉල්ලා තිබෙන අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා, සිංගප්පූරු අධිකරණයක් හමුවේ පසුගියදා නඩු පවරනු ලැබුවේ ය.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් අදාළ වාර්තාව කැඳවා ඇත්තේ, අය කිරීමට අපේක්ෂිත වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳව අධිකරණයට දැනුම් දීම සඳහායි.