.webp)
COLOMBO (News 1st) – ඉතාලියේ ChatGPT chatbot වෙත යළි ප්‍රවේශ වීමේ හැකියාව ලබා දී තිබේ.
ඉතාලි දත්ත ආරක්ෂණ අධිකාරිය විසින් අප්‍රේල් මස ආරම්භයේදී මෙම තහනම් කිරීම සිදු කළේ, පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමේ ගැටලු මතයි.
Microsoft සමාගම විසින් අනුග්‍රහය දක්වන එහි නිෂ්පාදක OpenAI සමාගම පවසන්නේ, අදාළ කාරණා මතුවීමෙන් පසුව ඊට විසඳුම් ලබාදීම සාර්ථක වූ බවයි.
ඒ හේතුවෙන් ඉතාලි රජය නැවතත් OpenAI සමාගම විසින් හඳුන්වා දුන් මෙම මෙවලමට අවසර දී තිබේ.
සමාගම පවසන්නේ, මෙම මෙවලම භාවිත කරන්නන්ගේ තොරතුරුවල ආරක්ෂාව සම්බන්ධයෙන් තම ප්‍රතිපත්තිය පහසුවෙන් පරිශීලකයින්ට දැන ගැනීම සඳහා කටයුතු කර ඇති බවයි.
ChatGPT මෙවලම වර්තමානය වනවිට භාවිත කරන්නන්, එහි ලියාපදිංචි වීමට පෙර ඔවුන්ගේ වයස නිසි පරිදි සඳහන් කළ යුතුය.
වයස අවුරුදු 13 හෝ ඊට වැඩි යැයි සැලකෙන ChatGPT හි පරිශීලකයින්ගේ වයස පරීක්ෂා කිරීමට OpenAI අපොහොසත් වී ඇති බවට චෝදනා කර ඇති පරිදි, OpenAI විසින් ලියාපදිංචි වූ පසු ඉතාලියේ පරිශීලකයින්ගේ වයස තහවුරු කිරීමට මෙවලමක් ලබා දෙන බව පැවසෙයි.
2022 නොවැම්බර් මාසයේ එළිදැක් වූ දින සිට මිලියන ගණනක් පුද්ගලයින් ChatGPT භාවිත කර ඇත.
බාර්ඩ් ලෙස හැඳින්වෙන ගූගල් සමාගමෙන් හඳුන්වා දුන් කෘතිම බුද්ධිය අනුසාරයෙන් ක්‍රියාත්මක වන මෙවලම ද දැන් භාවිත කිරීමේ අවස්ථාව ඇතිමුත් පරිශීලකයින් වයස අවුරුදු 18ට වැඩි විය යුතුවේ.