.webp)
කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 214ක් පමණි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චමිදු පෙරේරා ලකුණු 66ක් රැස් කළේ ය.
පන්දු යැවීමේදී ගගන් චමෝද් ලකුණු 69ට කඩුලු 5යි.
ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට තරග තීරකවරුන් තීරණය කළේ ය.
ඒ වනවිට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශාන්ත ජෝසප් ක්‍රීඩකයින් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 240 ක් රැස් කරගෙන සිටියේ ය.
නොදැවී කඩුල්ලේ රැඳී සිටි සදීෂ් ජයවර්ධන ලකුණු 110යි.
මේ අතර මොරටු මහා විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලාන්තර 71 වැනි රන් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයත් ජය පරාජයෙන් තොරව අවසන් විය.
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මොරටු මහා විද්‍යාලයීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 144ක් පමණි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ විශ්ව ළහිරු ලකුණු 38ට කඩුලු 4ක් බිඳ හෙළිය.
වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පානදුර ශ්‍රී සුමංගල ක්‍රීඩකයින් කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 86 කි.
දුරංක සිල්වා ලකුණු 50යි.