සේවක කප්පාදුවකට Twitter ආයතනයෙන් තීරණයක්..

සේවක කප්පාදුවකට Twitter ආයතනයෙන් තීරණයක්..

by Chathurika Jayasundara 29-04-2023 | 1:06 PM

COLOMBO (News 1st) – Twitter සමාගම සිය අන්තර්ගතයන් නිර්මාණය සඳහා වූ සේවකයින් 10% කින් කපා හැර දැමීමට තීරණය කර තිබේ. 

Twitter සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Elon Musk සඳහන් කළේ, තම සමාගමේ ආදායම් මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීම සඳහා එම තීරණය ගෙන ඇති බවයි.

මේ අතර, පරිශීලකයින් සඳහා ඉදිරියේදී දීර්ඝ වීඩියෝ දර්ශන සිය Twitter ගිණුම් වෙත මුදාහැරීමට හැකියාව ලැබෙන බව ද එලෝන් මස්ක් සඳහන් කළේ ය. 

මේ සඳහා සමාගම විසින් පළමු අවුරුද්ද සඳහා අන්තර්ගතදායක මුදල් කප්පාදුවක් නොකරන බව ද සඳහන් කර සිටියේ ය. 

පසුගිය වසරේ Twitter සමාගමේ වෙළඳ ප්‍රචාරණ ආදායම පහත වැටීමෙන් පසු ආදායම ඉහළ නැංවීම සඳහා මෙම වෙනස්කම් සිදු කිරීමට සමාගමේ තීරණය කර තිබේ.