.webp)
COLOMBO (News 1st) – රුසියාවේ ක්‍රයිමියා කලාපයේ ඉන්ධන ගබඩාවක විශාල ගින්නක් හටගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ක්‍රයිමියාවේ ප්‍රධාන වරාය වන සෙවාස්ටොපෝල් ඉන්ධන ගබඩාවක එම ගින්න හටගෙන ඇති බවයි.
ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි සැක කරන අතර රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේනයේ පුද්ගලයින් 30කට ආසන්න පිරිසක් මියගොස් ඇති අවස්ථාවක එම ඩ්‍රෝන
ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයකි.