ප්‍රදේශ රැසකට අද සවස ගිගුරුම් සහිත තද වැසි..

ප්‍රදේශ රැසකට අද සවස ගිගුරුම් සහිත තද වැසි..

by Staff writer 29-04-2023 | 2:21 PM

 

COLOMBO (News 1st) –  දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වර්ධනයක් දිවයින ආශ්‍රිතව අපේක්ෂා කළ හැකි බවයි. 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත් වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි. 

සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය. 

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.