සිතුවම් ගුහාවේ පියගැට පෙළ නවීකරණයට කෝටි 4ක්..

සීගිරි සිතුවම් ගුහාවේ පියගැට පෙළ නවීකරණයට රු. කෝටි 4ක්

by Staff writer 28-04-2023 | 7:21 AM

COLOMBO (News 1st) - සීගිරි සිතුවම් ගුහාව වෙත පිවිසීමට ඇති පියගැට පෙළ නවීකරණයට යුනේස්කෝ සංවිධානය රුපියල් කෝටි 4ක මුදලක් අනුමත කර තිබේ. 

මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ , එම මුදල් ලබන මාසයේදී මෙරටට ලැබෙනු ඇති බවයි.

ඒ අනුව දැනට අබලන් තත්වයේ පවතින පියගැට පෙල කඩිනමින් නවීකරණයට නියමිත බව මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශ කළේ ය. 

මීට සමගාමීව සීගිරියේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මකයි.

ඒ යටතේ සංචාරකයින් ගමන් ගන්නා ත්‍රිරෝද රථවල ගාස්තු නියාමනය හා සංචාරක මග පෙන්වන්නට නිශ්චිත ගාස්තු ක්‍රමවේදයක්  හඳුන්වා දීම ද සිදුවනු ඇති.