IMF ණය පහසුකම ක්‍රියාත්මක කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

by Staff writer 28-04-2023 | 6:20 PM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම පිළිබඳ සැකසුම ක්‍රියාත්මක කිරීමේ යෝජනාව අද (28) පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත විය.

යෝජනාවට පක්ෂව ලැබුණු සංඛ්‍යාව 120 කි.

යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ 25 දෙනෙකු පමණයි.