ආහාර විෂ වී සිසුන් රෝහලේ...

නානුඔය ප්‍රාථමික විදුහලක සිසුන් 31ක් ආහාර විෂවී රෝහලේ

by Staff writer 28-04-2023 | 3:51 PM

COLOMBO (News 1st) – ආහාර විෂ වීමකින් නානුඔය ප්‍රාථමික විද්‍යාලයක සිසුන් 31 දෙනෙකු ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂක,වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ,පාසලේ දී ලබා දුන් දිවා ආහාරය ගැනීමෙන් පසු එම ළමුන්ට වමනය හා ක්ලාන්ත වී ඇති බවයි. 

ළමුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් අධ්‍යක්ෂකවරයා තහවුරු කළේ ය.

මේ පිළිබඳව සොයා බැලීමට නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඇතුළු කණ්ඩායමක් අදාළ පාසල වෙත යවා ආහාර සාම්පල් ලබා ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිශ්ශංක විජේවර්ධන මහතා පැවසීය.

ආහාර පිසිමට උපයෝගි කරගත් අමුද්‍රව්‍ය සාම්පල් කිහිපයක් ද ඔවුන් ලබා ගෙන ඇති අතර ඒවා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ අනුරාධපුර ආහාර තත්ත්ව පාලන රසයනාගාරයට යොමු කිරිමට නියමිතයි.