.webp)
ඒ, කටුනායක ප්‍රදේශයට අද පස්වරුවේ සිට ඇදහැලෙන තද වැසි සහ අකුණු ගැසීම් හමුවේයි.
මගීන් 143 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය සමාජිකයින් 15 දෙනෙකු සමග එම ගුවන් යානය පැමිණ ඇත්තේ ඉන්දියාවේ, චෙන්නායි සිටයි.
අද පස්වරු 4.10 ට යානය කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බැස්සවීමට සැලසුම් කර තිබුණි.
කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ කාලගුණික තත්ත්වය යහපත් වූ සැනින් එම යානය යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත යොමු කරන බව මත්තල ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තද වැසි සහ ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කිලිනොච්චිය සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ද ප්‍රබල අකුණු සමග මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.