තායිලන්තයේ කිරුළු පළන් රැජිණිය....

ආශීර්වාදාත්මක දියෙන් තායිලන්තයේ ඔටුනු පළන් රැජිණ ලෙස අබිසෙස් ලද සූතීදා ටිජිදායි ....

by Shehani Sandeepa 28-04-2023 | 4:21 PM

COLOMBO (News 1st) – තායිලන්තයේ රජු ලෙස කිරුළු පළැඳි මහාවජිර ලෝංකෝරීන් රජුගේ අගමෙහෙසිය වන ටිජිදායි කුමරිය තායිලන්තයේ නව රුජිණ සේ කිරුළු පැළැඳීමේ සිදුවීම පිළිබඳව ලොව අවධානය යොමු වී තිබේ.

රාජ්‍යත්වය සංඛේතවත් කරන මෙවන් විශේෂ උත්සව ලොව පුරා සිදු වන්නේ ඉතා සීමිතය.

මෑතකාලීනව රාජ්‍යත්වයට සෘජුව සම්බන්ධයක් නොමැතිව ,එහෙත් රජුගේ විශ්වාසදායී ආරක්ෂක නිලධාරිනිය ලෙස සේවය කරමින් සිට රාජකීය පරපුරට ඇතුළත් වූ තායිලන්තයේ නව රැජිණගේ පදවි ප්‍රාප්තිය විදෙස් මාධ්‍ය මෙසේ වාර්තා කර තිබුණි.

 රාජ්‍යත්වයට අවසර දීමේ විවිධ වු ක්‍රම ලොව පුරා අතීතයේ පටන් පැවැත එනු ලැබේ.

විශේෂයෙන් තායිලන්තයේ, රාජාභිෂේක මංගල්‍යයේ දී නව රාජාණ්ඩුව "පවිත්‍ර කිරීම" සහ අභිෂේක කිරීම සඳහා ආශීර්වාදාත්මක ජලය වත් කිරීම සිදුවේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ තායිලන්ත රජු ඔහුගේ භාර්යාව වූ සුතිදා බිසව මතට හක් බෙල්ලකින් අභිෂේක ජලය වත් කර ඇයට රාජකීය නිලය සහ තත්ත්වය ලබා දුන් බවයි. 

සූතිදා රැජිණ රජු ඉදිරියේ හිඳ සිටි ඉරියව්ව  රැජින ස්ථාපනය කිරීම ලෙස හඳුන්වන අතර උත්සවයේ දී එය  සම්ප්‍රදායික ගෞරව දැක්වීමක් වශයෙන් ලොව අවධානයට පාත්‍ර වීය.