ඉදිරි පැය කිහිපයේ කාලගුණය වෙනස් වෙන හැටි

අද (28) රෑට මහ වැසි... කාලගුණෙන් අනාවැකි

by Staff writer 28-04-2023 | 3:22 PM

COLOMBO (News 1st) –  දිවයිනේ ප්‍රදේශ  කිහිපයකට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ප්‍රබල අකුණු සමග මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර , සබරගමුව ,මධ්‍යම, වයඹ , සහ දකුණු පළාත්වලට මෙම වැසි තත්ත්වය ඇති විය හැකියි.

තවද යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහාත් මෙම වැසි තත්ත්වය ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.