.webp)
COLOMBO (News 1st) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දුන් විස්තීරණ ණය පහසුකම පිළිබඳ හෙට(28) පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්ද විමසීමට සහභාගී නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ, අත්‍යවශ්‍ය කරුණක් හේතුවෙන් කොළඹින් පිටවීමට සිදුවීම ඊට හේතුව බවයි.
පවතින ආර්ථික තත්ත්වය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමේ වරදක් නොමැති බව ඔහු සිය ලිපියෙන් පෙන්වා දෙයි.
පනවා ඇති අහිතකර කොන්දේසි පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඒවා සරල කිරීමක් හෝ ඉවත් කරගැනීමක් කළ යුතු බව ද, හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.