.webp)
COLOMBO (News 1st) - සිය පෙම්වතා,යහළුවන් ඇතුළු සමීපතමයින් 12 දෙනෙකු ඝාතනය කිරීමට සැකපිට තායිලන්ත පොලීසිය බැංකොක් නුවරදී කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අදාළ කාන්තාව 2020 වසරේ සිට වරින් වර සූක්ෂම ලෙස සයනයිඩ් ලබා දී මෙම ඝාතන සිදු කර ඇති බවයි.
පසුගියදා Sararat Rangsiwuthaporn නම් අදාළ සැකකාර කාන්තාවගේ මිතුරියකගේ අබිරහස් මියයාම සම්බන්ධයෙන් කළ පොලිස් විමර්ශනවලදී ඇය විසින් සිදු කරන ලද අනෙකුත් ඝාතන පිළිබඳ තොරතුරු එෙලස අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්ව ඇත.
සයනයිඩ් ශරීරගත වීම නිසා මියගිය තරුණිය පසුගිය මාසයේ දී Sararat Rangsiwuthaporn නම් සැකකාර කාන්තාව සමග විනෝද චාරිකාවකට එක්ව ඇත.
විනෝද චාරිකාවට ගිය අදාළ තරුණියගේ සිරුර බටහිර බැංකොක් ප්‍රදේශයේ ගං ඉවුරක තිබී පසුව සොයාගෙන ඇති අතර මළසිරුර සොයාගන්නා විට ඇයගේ ගමන් බෑගය ,ජංගම දුරකතනය හා ඇය සන්තකයේ තිබූ මුදල් අස්ථානගත තිබී ඇත.
අදාළ මරණය සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ ඇයගේ ශරීරයට සයනයිඩ් විෂ ඇතුළත් වී ඇති බවයි.
මෙම ඝාතනය පිළිබඳ අදහස් පළකරමින් තායිලන්ත පොලිස් බලධාරීන් ප්‍රකාශ කරන්නේ මුදල් අවශ්‍යතාවක් මත අදාළ සැකකාරිය මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවයි.
පෙලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකාර කාන්තාව සිය පෙම්වතා, කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනකු ඇතුළු 12 දෙනා ද මෙලෙසින්ම සයනයිඩ් ශරීරගත කිරීමෙන් ඝාතන සිදුකර ඇති බවයි.
තව ද මෙලෙස ඝාතනය කෙරුණු පිරිසගේ ස්වර්ණාභරණ සහ මුදල් ද අතුරුදන් වී ඇති බවට ද තොරතුරු හෙළිකර ගෙන ඇත.
කෙසේ වෙතත් මෙලෙස ඝාතනය කර ඇති අනෙකුත් පිරිස කවුරුන්ද යන්න පිළිබඳ තායිලන්ත පොලිසිය තොරතුරු හෙළි කර නොමැත.
තායිලන්ත පොලිසිය සැක පළ කරන්නේ, මුදල් අවශ්‍යතාවක් මත ඇය මෙම සිසලු ඝාතන සිදු කරන්නට ඇති බවටයි.