.webp)
අද දිනට තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 54 ක් රැස් කරගෙන සිටියේ ය.
සිව්වැනි දිනයට අද තරගය ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 357ක් රැස් කරගෙන සිටියේ ය.
ඒ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්තය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 492ට පිළිතුරු ලෙසයි.
ඊයේ දිනයේ සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක දිමුත් කරුණාරත්න ශතකයක් සමගින් ලකුණු 115 ක් රැස් කළේ ය.
අද තරගය ආරම්භ කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි නවක ක්‍රීඩක නිෂාන් මදුෂ්ක සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ලකුණු පුවරුව තව දුරටත් ඉහළ නැංවූවේ ය.
තම තුන් වැනි ටෙස්ට් තරගයට එක්වන නිෂාන් මධුෂ්ක අද දිනයේදී ද්විත්ව ශතකයක් රැස් කළේ 4 පහර 22ක් සහ 6 පහරක්ද සමගින් ය.
ඔහු ලකුණු 205ක් රැස් කළේ ය.
නිෂාන් සහ මෙන්ඩිස් අතර දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 268කි.
ගාලු ක්‍රීඩාංගණයේ අණසක පැතිරවූ කුසල් මෙන්ඩිස් මංගල ටෙස්ට් ද්විත්ව ශතකය අද රැස් කළේ ය.
ඔහු ලකුණු 245ක් රැස් කළ අතර ඊට 6 පහර 11ක් සහ 4 පහර 18ක් ද ඇතුළත් ය.
ඒ අනුව මෙන්ඩිස් අද වාර්තා අතරට එක් වුණේ ටෙස්ට් ඉනිමකදී වැඩිම 6 පහර සංඛ්‍යාවක් එල්ල කළ ශ්‍රී ලංකා පිතිකරු ලෙසයි.
මේ අතර, කඩුලු අතර දුවද්දී ආබාධයකට ලක් වූ දිනේෂ් චන්දිමාල්ට ලකුණු 13කට පිටියෙන් ඉවත් වීමට සිදු වූ අතර, ඔහුව X-Rayපරීක්ෂණයක් සඳහා රෝහල්ගත කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ය.
ඇන්ජලෝ මැතිව්ස් 15වැනි ටෙස්ට් ශතකය අද රැස් කළේ ය.
ඔහුගේ ඉනිමට 4 පහර 6ක් සහ 6 පහර 4ක් ඇතුළත් ය.
කඩුලු 3ක් දැවී ලකුණු 704ක් රැස් කරගෙන සිටියදී ශ්‍රී ලංකාව ඉනිම අත්හිටුවූවේ ය
ශ්‍රී ලංකාවට වඩා ලකුණු 212ක් පසුපසින් සිටිමින් අයලර්න්ත දෙවැනි ඉනිම ආරම්භ කළේ, ජේම්ස් මැක්කොලම් සහ පීටර් මුවර් ය.
ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙස ජේම්ස් මැක්කොලම් ලකුණු 10කට දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස් සමත් විය.
දෙවන කඩුල්ල ලෙස පීටර් මුවර් දවා ගත්තේ ප්‍රභාත් ජයසූරියයි.