විශේෂ රථ කිහිපයක් ජනපතිගේ නිරීක්ෂණයට..

වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩලීමට නිෂ්පාදිත විශේෂ රථ ජනපතිගේ නිරීක්ෂණයට..

by Staff writer 27-04-2023 | 9:49 PM

COLOMBO (News1st) - ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ නව සංකල්පයකට අනුව දේශීයව නිෂ්පාදනය කළ විශේෂ රථ 3ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීම අද(27) සිදු කෙරිණ.

ශ්‍රී ලංකා වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී කටයුතු ත්‍රස්තවාදී ක්‍රියා හා විවිධ ජාවාරම් මැඩලීම සඳහා මෙම රථ භාවිතයට ගැනීමට නියමිත ය.

වෙරළ හා කළපු ආශ්‍රිත භූමි ප්‍රදේශයන්හි සහ ඕනෑම රළු භූමියක නාවික හමුදා මෙහෙයුම් කටයුතු සඳහා පහසුවෙන් භාවිතා කළහැකි අයුරින් මෙම රථ නිෂ්පාදනය කර තිබේ.