අමෙරිකාවේ තීරණයට ශ්‍රී ලංකාවේ කනගාටුව

වසන්ත කරන්නාගොඩ සම්බන්ධ අමෙරිකාවේ තීරණය ගැන ශ්‍රී ලංකාව කනගාටුව පළකරයි

by Staff writer 27-04-2023 | 1:15 PM


COLOMBO (News 1st) -වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහුගේ බිරිඳ ඇමරිකාවට ඇතුළු වීමට නුසුදුසු බවට අමරිකාව ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව කනගාටුව පළ කර තිබේ. 

විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. 

හිටපු නාවික හමුදාපති , වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆීල්ට් වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහුගේ බිරිඳ ඇමරිකාවට ඇතුළු වීමට නුසුදුස්සන් බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව  අද නිවේදනය කළේ ය. 

වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාපති ලෙස කටයුතු කළ සමයේ මානව හිමිකම් උල්ලංඝණය කර ඇති බවට වන චෝදනා මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන් ය.