.webp)
COLOMBO (News1st) – ඉන්ධන කර්මාන්තය ආශ්‍රිතව චීනය මෙරට සිදු කරන ආයෝජන සම්බන්ධයෙන් චීන තානාපති කී සෙන් හොං මහතා අද(28) අස්ගිරි මල්වතු පාර්ශවයන්හි මහා නා හිමිවරුන් දැනුවත් කළේ ය.
අද පස්වරුවේ මහනුවරට පැමිණි චීන තානාපති කී සෙන් හොං මහතා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැ දුටුවේ ය.
මල්වතු මහා විහාරයට පැමිණි තානාපතිවරයා සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායත අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන්වද බැහැ දැක චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේ ය.