.webp)
COLOMBO (News 1st) - කොළොන්නාව ඇතුලු ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා (29) පෙරවරු 11.00 සිට රාත්‍රී 9.00 දක්වා ජල කප්පාදුවක් සිදුකරන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එම ප්‍රදේශ වන්නේ, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත, රාජගිරිය සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ගයි.
ඊට හේතුවී ඇත්තේ, කොළොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තකි.