අවුරුදු සමයේ සුරාබදු නීති කැඩූ 1915ක් කොටු..

අවුරුදු සමයේ සුරාබදු නීති කැඩූ 1915ක් අත්අඩංගුවට..

by Staff writer 27-04-2023 | 3:55 PM

COLOMBO (News 1st) – අලුත් අවුරුදු සමයේ කළ වැටලීම්වලින් සුරාබදු නීති කඩ කළ පුද්ගලයින් 1915ක් අත්අඩංගුවට ගෙන තිබේ. 

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම මස 7 වැනිදා සිට 24 වැනිදා දක්වා එම වැටලීම් කළ බවයි.

එහිදී අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩවල වටිනාකම රුපියල් මිලියන 9.5කි. 

අදාළ වැටලීම්වලදී සුරාසැල් ආශ්‍රිත වැරදි 216 ක් හඳුනාගෙන ඇතැයි ද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.