ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තරගයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකා සහ අයර්ලන්ත දෙවැනි ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා

by Staff writer 26-04-2023 | 3:54 PM

COLOMBO (News 1st) -  සත්කාරක ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තාවකාලිකව නතර කර තිබේ.

ඒ අයපත් ආලෝක තත්ත්වය  හේතුවෙනි.

තරගය තාවකාලිව නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 77 ක් අවසානයේ කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටින  අතර ලකුණු සංඛ්‍යාව 357 කි.

සත්කාරක ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26) පැවැත්වෙන්නේ තෙවැනි  දිනටයි.