ශ්‍රී ලංකාවෙන් ශක්තිමත් පිළිතුරක්

ශ්‍රී ලංකාවෙන් ශක්තිමත් පිළිතුරක්, මධුශ්ක සහ දිමුත්ගෙන් ශතක

by Staff writer 26-04-2023 | 9:22 PM

COLOMBO (News1st) - ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය තුන්වැනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අද(26) පැවැත්විණි.

වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරගය නතර කළේ ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුල්ලක් දැවී ලකුණු 357ක් රැස් කර ගෙන සිටියදී ය.

තරගය අද දිනයට ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 81ක් රැස් කර ගෙන සිටියේ ය.

නායක දිමුත් කරුණාරත්න අද දිනයේදී තම 16 වැනි ටෙස්ට් ශතකය රැස් කළ අතර ඔහු දැවී ගියේ ලකුණු 115කට ය.

ඉන් අනතුරුව පිටියේ එක් වු කුසල් මෙන්ඩිස් සහ නිශාන් මධුෂ්ක දිනය අවසන් වනවිට ලකුණු 129ක නොබිදුනු සම්බන්දතාවක් ගොඩ නැගූහ.

නිශාන් මධුෂ්ක තම මංගල ටෙස්ට් ශතකය ද සමගින් නොදැවී ලකුණු 149ක් රැස් කළේ ය.

නොදැවී අනෙක් අන්තයේ ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් තම 18 වැනි ටෙස්ට් අර්ධ ශතකයද සමගින් ලකුණු 83ක් රැස් කර ගෙන සිටී.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 492කි.