.webp)
-529159.jpg)
COLOMBO (News 1st) - ශ්‍රමිකයන් 8000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමට කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂ ලී මහතා එකඟ වී තිබේ.
ඒ අමාත්‍ය,මනූෂ නානානයක්කාර සමග (26) පැවැති සාකච්ඡාවකදී ය.
කොරියානු රැකියා සඳහා 6500 ක රැකියා කෝටාවක් මෙරටට ලැබී තිබේ.
අද (26) පැවති සාකච්ඡාවේදී එම රැකියා කෝටාව ඉක්මවා කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමට එකඟ වූ බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේ ය.
ලබන වසරේ සිට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය දැනට පවත්වන පරිගණක පදනම් කරගත් CBT ක්‍රමය වෙනුවට UBT ක්‍රමය ඔස්සේ පැවැත්වීමට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත එකඟතාව පළකර තිබේ.
